Monday, August 04, 2025
Follow Us
ඇලෝශියස්ගෙන් බැඳුම්කර වංචාවේ සල්ලි ගත්තු 118ක් මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා - බිමල්

මහබැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවකු වන අර්ජුන් ඇලෝශියස් මහතාගෙන් මුදල් ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

"මේ ඡන්දෙන් පස්සේ බොහෝවිට ආණ්ඩුව හැදුවොත් මේ ඉන්න කණ්ඩායමම අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ කී දෙනෙක් පනිනවාද ? රනිල් මහත්තයාගෙ නම් දන්නවා සෙට් එකම පනිනවා. රනිල් මහත්තයා කියලා තියෙනවා අපි ගෝඨාභය මහත්තයාට උදව් කරනවා කියලා.

මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා ඇලෝශියස් කඩපු මහබැංකුවෙන් සල්ලි ගත්ත මන්ත්‍රීලා 118ක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

(LNW)