Monday, August 04, 2025
Follow Us
අපේ රටේ කොරෝනා පැතිරෙවුවේ ගෝඨාභය

කොරෝනා මේ තරමට හෝ පාලනය වූයේ සෞඛය කාර්ය මණ්ඩල නිසා බවත් ඒ වෙනුවෙන් තම පක්‍ෂයේ ‘රතු තුරුව’ සංවිධානයද විශාල කාර්යක් කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් (30) පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවක් අමතමින් ය.

අද ලංකාවේ සිදුව ඇත්තේ කොරෝනා පතුරුවා හැරීමක් බවත් එය සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බවත් එම පක්‍ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.

නාවික හමුදාවට කොරෝනා බෝවීමේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා විසින් බාරගත යුතු බවත් ඔහු චෝදනා කරයි.

කොරෝනා පාලනය සදහා යෙදවූ හමුදාවට ආණ්ඩුව ඊට අවශ්‍ය මුඛ ආවරන හෝ නොදුන් බවත් එනිසා හමුදාව ඒවා තම පක්‍ෂයෙන් ඉල්ලූබවත් ඔහු තව දුරටත් පැවසීය.

(Lanka Leads)