Tuesday, June 30, 2026
Follow Us
බැඳුම්කරය ගැන ප‍්‍රකාශයක් දීමට රනිල් අද සී.අයි.ඞී යට

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (30 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම්දී ඇත.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙම කැඳවීම කර ඇත.

(Lanka Leads)