Thursday, January 15, 2026
Follow Us
කරුණාට කියන තරම් මරන්න ලැබුණෙත් නෑ, මේ කයිවාරු ගහලා හමුදාව හෑල්ලු කරනවා - ෆොන්සේකා

කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් වත්මන් පාලනය යටතේ සිදු නොවන බවත් එසේ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු සමඟ පැය 07ක් කාලය ගතකිරීමට අවශ්‍ය නොවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

"එයා ඉතිං කටින් කතා කරනවා, ඊළඟට අනිත් පැත්තෙන් කතා කරනවා. එයා කතා කරේ චණ්ඩියෙක් වගේනෙ. හමුදාවට අපහාස කරලා හෑල්ලුවට ලක්කරන්න තමයි ඒ කයිවාරු ගැහුවෙ.

අතන තුන් දාහක් මැරුවා, මෙතන තුන් දාහක් මැරුවා කියලා ... එහෙම මැරුණෙත් නෑ. මුලතිව් වලදි 1200ක් යටත් වුණා, ඒ 1200 යටත් වුණායින් පස්සෙ මැරුවා, කිලිනොච්චි වල එයා කවුරුත් මැරුවෙ නෑ, අලිමංකඩ කවුරුත් එයා මැරුවෙ නෑ.

කරුණා අම්මාන් පොඩි මිනිහෙක්ද ලොකු මිනිහෙක්ද මං දන්නෙ නෑ, හැබැයි කරුණා අම්මාන්ට නම් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ අනිවාර්යයෙන්ම. එයා පිළිගන්නවා එයා ත්‍රස්තවාදියෙක්, රජයේ හමුදාවන්ව මැරුවා කියලා. ඒකට නීතිය ක්‍රියාත්මක කරනවා නම් සීඅයිඩීය පැය හතක් දඟළන්න ඕනෙ නෑ. පැය බාගෙන් තීන්දුවක් අරන් එයාට නඩු දාන්න පුළුවන් නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)