වර්තමාන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කළුතර පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඉන්ධන මිල අඩු වීමේ සහනය ජනතාවට ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී ඇතැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසීය.
ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කර මධ්‍යම පන්තියේ සිට පහළ පාන්තිකයා දක්වා සෑම පවුලකටම රුපියල් 20000 බැගින් ලබාදීමට තමන් කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
(Lanka Leads)