Sunday, August 03, 2025
Follow Us
මැතිවරණයට පෙර රනිල්ට තවත් බාල්දියක්

එළඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පක්ෂයේ අර්බුධයකට මුහුණ දීමට සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයෙන් නියෝගයක් දී තිබෙන බැවින් මහ මැතිවරණයට පෙර පුරප්පාඩුව තිබෙන නියෝජ්‍ය නායක ධූරය පුරවන ලෙස මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන්ම එජාප නායකයාට බලපෑම් එල්ල වෙමින් තිබේ.

මෙම ධූරයට එජාප උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවින් දිසානායක හා දයා ගමගේ යන මහත්වරුන් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටියද වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන්නේ මේ තිදෙනාටම නොදී තමාට සමීප තරුණ දේශපාලඥයෙකුට එම ධූරය ලබා දීමය.

(Lanka Leads)