Sunday, August 03, 2025
Follow Us
මැ.කො.ගේ අලුත් නීති අනුව පාර්ලිමේන්තු යන්න පුළුවන් කෝටිපතියන්ට විතරයි - අජිත්

ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් පනවා ඇති අලුත් නීතිවල දැඩි අසාධාරණයක් ඇති බවත් ඒවා අනුව පාර්ලිමේන්තු යා හැක්කේ ධනවත්, බලවත්, කෝටිපතියන්ට පමණක් බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා පවසයි.

"දැන් මේ මැතිවරණ කොමිසමේ ප්‍රචාරණ කටයුතු පිළිබඳ අලුතින් දාලා තියෙන නීතිවල ඉතාම අසාධාරණකමක් තියෙනවා.

දැන් මැතිවරණ නීතියේ කොහෙද ටීවී ඇඩ් ගැන තියෙන්නෙ ? මැතිවරණ නීතියේ කොහෙද රේඩියෝ ඇඩ් ගැන තියෙන්නෙ ? මැතිවරණ නීතියේ කොහෙද වෙබ් ඇඩ් ගැන තියෙන්නෙ ? ගමේ කාර්යාලයේ කටවුට් එක ගහන්න දෙන්නෙ නෑ, ඒක අයින් කරනවා. හැබැයි ටීවී, රේඩියෝ ඇඩ් පුළුවන්.

ඒ කියන්නේ ධනවත් බලවත් කෝටිපතියන්ට පමණයි පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (25) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබුණු එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රුව දැක්වෙන කටවුට් ඉවත් කරන්නැයි දැනුම් දීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහි පැමිණි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)