රටේ ආර්ථිකය විනාශ කරන ලද්දේ මහ බැංකුව බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරයි.
නිලධාරීන් 20-25ක් එකතු වී මෙම ආර්ථිකය විනාශ කරමින් සිටින බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ඔවුන් කටයුතු කරන්නේ රටේ ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරමින් වන අතර කරුණාකර පොළී අනුපාත අඩුකර එම සහනය ජනතාවට ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.
මේ වන විට පෞද්ගලික අංශයේ මෙන්ම රජයේ සේවකයන්ගේද වැටුප් අඩු වී තිබෙන අතර මෙම ආර්ථික කඩා වැටීම වළක්වා ගැනීමට මහ බැංකුවට සහය වීමට නොහැකි වී ඇති බවයි රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
(LNW)