Sunday, August 03, 2025
Follow Us
මන්නාරම දූපත ඛණිජ වැලි කැනීම සඳහා ඕස්ට්‍රේලිියානු සමාගමකට බදු දීලා

ටයිටේනියම් සෑන්ඩ් නම් වූ ඕස්ට්‍රේලියාවේ සමාගමක් 2018 වසරේ සිට මේ වන තුරු මන්නාරම දූපතේ ටයිටේනියම් අඩංගු ඛණිජ වැලි කැනීමේ ව්‍යාපෘතියක ගවේෂණ කටයුතු කරගෙන යන බවට වාර්තාවේ.

වර්ග කිලෝමීටර් 200කට අධික ප්‍රෙද්ශයක සිදු කරන මෙම කැනීම් සදහා පතල් කාර්යංශයේ බලපත්‍රයක් ලබාගෙන නොමැති අතර පරිසර වාර්තාවක්ද ලබාගෙන නැත. ඊට අමතරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක්ද ලබාගෙන නැත.

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ උවමනාව මත රජයට අයත් ඛණිජ වැලි සංස්ථාව මගින් මෙම නීතිවිරෝධී අවසරය ලබා දී ඇති බව සහ ඒසඳහා විශාල මුදල් හුවමාරුවක් සිදුවී ඇති බවටද චෝදනා එල්ලවේ.

(Lanka Leads)