Sunday, August 03, 2025
Follow Us
ආණ්ඩුවේ කොරෝනා පාලන වැඩසටහන අති සාර්ථකයි

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පවතින ආණ්ඩුව විශාල කාර්යභාරයක් කළ බවත් එය අගය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා පවසයි.

රට තුළ වෛරසය පාලනය කිරීම සඳහා රජය හා ආණ්ඩුව ගත් උත්සාහය සාර්ථක වී ඇති බවත් ඒ සදහා නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දිය යුතු බවද ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තොරව කොරෝනා සුළගට පාලනය නොවූ බවත් ඔහු කියා සිටියේය.

හිටපු මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ ස්වාධීන රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමිනි.

(Lanka Leads)