Sunday, August 03, 2025
Follow Us
එදා පේ‍්‍රමදාස රජයෙන් බෙදා දුන් ගිනි අවි හිස්බුල්ලාගෙන් සහරාන්ටත් ලැබිලා

රණසිංහ පේ‍්‍රමදාස ජනපතිවරයා එම ධුරය දැරූ එම ආණ්ඩුවේ අනුග‍්‍රහය මත බෙදූ ටී .56 ගිනි අවි සහරාන් හෂීම්ට ලැබී ඇති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිෂන් සභාවේදී හෙළි විය.

එදා පේ‍්‍රමදාස රජය මෙම ගිනි අවි ලබාදී ඇත්තේ හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම ඇමැතිවරයකු වූ ඒ. එල්. එම්. හිස්බුල්ලාට වන අතර ඒවා පසුව සහරාන් හෂීම්ට ලැබී ඇති බව හෙළිව තිබිණි.

මේ කරුණු අනාවරණය වූයේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ප‍්‍රවීණ මාධ්‍යවේදී කි‍්‍රස්ටෝපර් කමලේන්‍ද්‍රන් මහතා ඊයේ (24 දා) ලබාදුන් සාක්ෂියෙනි.

2009 දී මෙම මාධ්‍යවේදියා කාත්තන්කුඩියේදී සහරාන් හෂීම් හමුවී ඇති අතර එහිදී සහරාන්ගේ කාමරයේ ටී.56 අවියක් තිබූ බව ඔහු කොමිසමට හෙළි කර ඇත.

1990 කාත්තන්කුඩි පල්ලියට ප‍්‍රහාර එල්ල වීමෙන් පසුව එවක පැවැති රජය ඒ. එල්. එම්. හිස්බුල්ලාට ටී.56 ගිනි අවි ලබාදී ඇති බවත් පසුව හිස්බුල්ලා විසින් ප‍්‍රසිද්ධියේම තමන්ට එම අවි ලබාදුන් බව සහරාන් හෙළි කළ බව මාධ්‍යවේදියා මෙහිදී අනාවරණය කර තිබේ.

(Lanka LEads)