Sunday, August 03, 2025
Follow Us
යුද්ධයේදී කරුණා අම්මාන්ගෙන් අපට සත පහක ප්‍රයෝජනයක් තිබුණේ නෑ

කරුණා අම්මාන් රජයට බාරවී සිටි නමුත් යුද්ධයේදී ඔහුගෙන් හමුදාවට සත පහක ප්‍රයෝජනයක් නොතිබුණු බවත් ඔහු ප්‍රභාකරන් සමඟ දීර්ඝ කාලයක් පුදුකුඩුඉරුප්පු ඇතුළු උතුරු ප්‍රදේශයේ ගතකර තිබුණු නමුත් ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානය හෝ ඔහු හමුදාවට නොපැවසූ බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

"කරුණා බාරවෙලා හිටියාට එයාගෙන් අපට යුද්ධ කරනකොට සත පහකවත් ප්‍රයෝජනයක් තිබුණෙ නෑ. එයා ඔය පුදුකුඩුඉරුප්පු, උතුරේ හැමතැනම වගේ ඉඳලා තියෙනවා ප්‍රභාකරන් එක්ක, ඒවුණත් එයා අඩුම ගාණෙ ප්‍රභාකරන් හිටපු ගෙදර ගැනවත් තොරතුරක් දුන්නෙ නෑ. ඒවා අපි අල්ලා ගත්තෙ පස්සෙ.

හමුදා ශක්තියක් අපට දෙන්න එයාට හැකියාවක් තිබ්බෙත් නෑ. එයාත් එක්ක මිනිස්සු 150ක් විතර බාරවුණා, එතන හිටිය 80ක් අවුරුදු 13ට අඩු ළමයි. යුධ ශක්තියක් තිබ්බෙ නෑ ඒ අයට. එතකොට ඒවගේ හිටපු කරුණා අම්මාන් දැන් ඔයවගේ කතා කියන්න හදනවා. එහෙම නම් එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

(LNW)