Wednesday, July 03, 2024
Follow Us
නුවරඑළියේ එජාප බල කණු පොහොට්ටුවට

අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ දිර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ආධාරකරුවන් විශාල පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට සහයෝගය දැක්විම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අපෙක්ෂක හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා සමග (24) දින එක් විය.

අඹගමුව ප්‍රාදේශිය සභා රැස්විම් ශාලාවේදි එම පිරිස ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය සමග එක්විය.

එසේ එක් වු පිරිස කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් පිරිසක් වන අතර වර්තමානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට දියුණු කිරිමට ගෙනයන වැඩපිලිවෙල සහ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට සාර්ථකව මුහුණ දුන් ආකාරය පිලිබදව පැහැදිමක් ඇති වු එම පිරිස මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට සහයෝගය දැක්විමට කිසිදු බලපැමකින් තොරව එක් වු බවයි එම පිරිස සි.බි.රත්නායක මහතා හමුවේ කියා සිටියේ.

මෙම අවස්තාවට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා , හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශිය නායකයින් රැසක් සහභාගි විය.

(Lanka LEads)