සහරාන් හෂීම් සහ අබ්දුල් රසික් එක්ව ආරම්භ කළ ශී‍්‍ර ලංකා තවුහිද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා අනුග‍්‍රහය ලබාදී ඇති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේදී හිටපු බුද්ධි අධ්‍යක්‍ෂවරයෙක් සාක්‍ෂි දෙමින් පැවැසීය.
බුද්ධි අධ්‍යක්‍ෂවරයා තවදුරටත් කොමිසම හමුවේ ප‍්‍රකාශ කර සිටියේ 2017 වර්ෂයේ මාර්තු මස කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේදී තවත් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සමග සහරාන් හෂීම් ගැටුමක් ඇති කර ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුතුව තිබියදී මන්නාරම ප‍්‍රදේශයේ සිට ඉන්දියාවට බෝට්ටුවකින් පලාගොස් ඇති බවයි.
එම අවස්ථාවේදී කොමිෂන් සභාව සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ සහරාන් හෂීම්ට ඉන්දියාවට පලා යෑම සඳහා කවරකු විසින් උදව් උපකාර කර ඇත්ද යන්න සහ එම සිදුවීම සිදුවූයේ කුමන කාලයකදී ද යන්නයි.
ඊට ප‍්‍රතිචාර දක්වමින් සාක්‍ෂිකරු ප‍්‍රකාශ කර සිටියේ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරකු වන රිෆ්කාන් බදුර්දීන් එලෙස සහරාන් හෂීම්ට උදව් උපකාර කර ඇති බවත් එම සිදුවීම 2018 දෙසැම්බර් මාසයට පෙර දිනකදී සිදුවී ඇති බවත්ය. ඒ පිළිබඳව තවදුරටත් සාක්‍ෂි ලබාදෙමින් සාක්‍ෂිකරු ප‍්‍රකාශ කර සිටියේ 2018 වසරේ දෙසැම්බර් මාසය වන විට සහරාන් හෂීම් යළි මෙරටට පැමිණ ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණ බවත් ඉන්දියාවට බෝට්ටුවකින් පලා ගිය සහරාන් ඉන්දියාවේ කාශ්මීරයට පලා ගොස් ඇති බවත්ය.
ජනපති කොමිෂන් සභාව- ජාතික ආරක්‍ෂාවට බලපෑම් කළ හැකි පුද්ගලයකුට රටින් පිටවීමට ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ සහෝදරයකු උපකාර කිරීම පිළිබඳව වගකිවයුත්තන් දැනුවත් කළාද?
සාක්‍ෂිකරු- එවකට හමුදාපතිවරයාව සිටි මහේෂ් සේනානායක මහතාව දැනුවත් කළා. ඒ වගේම 2019 මාර්තු 22 වැනි දින ලිපියක් මගින් ආරක්‍ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප‍්‍රධානියාව දැනුවත් කළා.
ජනපති කොමිෂන් සභාව- එම ලිපි යැවූ පසු ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැුස්වීම් හෝ බුද්ධි සම්බන්ධීකරණ
රැුස්වීම් පැවැත්වූවාද?
සාක්‍ෂිකරු- එම ලිපි යැවීමෙන් පසුව 2019 මාර්තු 26, අපේ‍්‍රල් 02 සහ අපේ‍්‍රල් 09 බුද්ධි සම්බන්ධීකරණ රැුස්වීම් තුනක් පැවතියා. එහෙත් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ
රැුස්වීමක් පැවැත් වූයේ නැහැ. නමුත් රිෆ්කාන් බදුර්දීන් සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ආරක්‍ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි ප‍්‍රධානියා සාකච්ඡුා කළේ නැහැ.
ජනපති කොමිෂන් සභාව- ඔබ සේවය කළ කාලය තුළ වගකිවයුතු නිලතලවල රැුඳී සිටිය නිලධාරීන් කවුද?
සාක්‍ෂිකරු- ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ ප‍්‍රධානියා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කළා. ආරක්‍ෂක ලේකම්වරුන් ලෙස කපිල වෛiරත්න මහතා සහ හේමසිරි ප‍්‍රනාන්දු මහතා කටයුතු කළා. යුද හමුදාපතිවරයා ලෙස මහේෂ් සේනානායක මහතා කටයුතු කළා. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ලෙස නිලන්ත ජයවර්ධන මහතාත් ජාතික බුද්ධි ප‍්‍රධානියා ලෙස සිසිර මෙන්ඩිස් මහතාත් කටයුතු කළා.
(Lanka LEads)