Sunday, August 03, 2025
Follow Us
මංගලගේ තැන හරින් බාර අරන්…

හරින් ප‍්‍රනාන්දු මහතා නියෝජනය කරන පිල හැමදාම රටේ සදාචාරයට, සභ්‍යත්වයට පහර ගැසුවා පමණක් නොවෙයි විශේෂයෙන් ආගමික උතුමන්ට දිගින් දිගටම පහර ගැසූ කණ්ඩායමක් යැයි හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙලූම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ(23දා) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ ඒමහතා මෙසේද සඳහන් කළේය.

කාදිනල් හිමිපාණන් වහන්සේට හිටපු ඇමැති හරින් ප‍්‍රනාන්දු මහතා කරපු අපහාසය පිළිබඳව මාගේ බලවත් අප‍්‍රසාදය පලකරනවා. අපි මේ රටේ සෑම ආගමික නායක උතුමන්ට ගරු කරන පුරවැසියන් . කාදිනල් හිමිපාණෝ ආගමික ජාතික සමඟිය ආරක්ෂා කිරීමට කළ කැපවීම මෙතෙකැයි කියා කියන්න බැහැ.

රටක යුද්ධයක් තිබෙන විට සතුරු බලවේග විනාශ කිරීමට පහසු යුද උපක‍්‍රම යොදාගන්නවා. ඒ කඳවුරු ඇතුලේ සිටින අය යොදාගෙන. එදා යුද්ධය මෙහෙයවපු නායකයන් කරුණා අම්මාන්ගේ සහාය ලබාගෙන එල්ටීටීඊය විනාශ කළා. රටේ යුද අපරාධ සිදුවූ බවට දරුස්මාන් වාර්තාවෙන් එක් වතාවක් ආවා. ඊට පෙර අප රටේ යුද අපරාද ඇතිවූ බවට මුලින්ම මාධ්‍යට ප‍්‍රකාශ කළේ ෆීල්ඞ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා. ඒ අවස්ථාවේ කරුණා අම්මාන් ඉදිරියට ඇවිත් ශ‍්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් මැරුවේ නෑ, යුද අපරාධ කළේ නෑ කියලා කියා සිටියා.

යුද අපරාධ සොයා බැලීමට අධිකරණ පිහිටු විය යුතු බවට ජිනීවා යෝජනාවට මංගල සමරවීර මහතා සම අනුග‍්‍රහය දක්වද්දී කරුණා අම්මාන් ප‍්‍රකාශ කළා ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බවට සාක්ෂි දීමට සූදානම් කියලා. වර්තමානයේ ඔහු කළ ප‍්‍රකාශයක් සම්බන්ධව ගැටලූවක් මතුවී තිබෙනවා. එය අපි නීති අංශ වෙත භාර දෙමු . එහෙම දෙයක් වුනානම් එ් අංශ අදාළ පියවර ගනියි.

ජනාධිපති කාර්ය සාධක බලකාය පිළිබඳව අද විකල්ප ප‍්‍රතිපත්ති කේනද්‍රය විවේචනය කරනවා. එහි තිබෙන නීති රාමුව කුමක්ද,බලය කුමක්ද කියලා. නමුත් පසුගිය රජය පුරාවට සංහිඳියා කාර්යාලයක් තිබුණා. මෙයට තිබූ නීතිරාමුව කුමක්ද? මොන පනතකින්ද හදලා තිබුණේ. මෙයට කෝටි සිය ගණනක් වියදම්කර තිබුණා.නමුත් අපි තවම දැක නැහැ ඉන් ඇතිවූ සංහිඳියාව පිළිබඳව. ඒ සංහිඳියා කාර්යාලයෙන් අපි දැකපු එකම දේ විදේශීය එන්ජී ඕ කණ්ඩායම් අප රට තවදුරටත් කොලනියක් බවට පත්කිරීමට උත්සාහ කළ කණ්ඩායම් එනවිට ඒ අයට පහසුකම් සැපයීම, රටට එරෙහිව තොරතුරු සැපයීමයි. ඒ හැර වෙන කිසිදෙයක් කර නැහැ.

නමුත් දැන් පිහිටුවා තිබෙන ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවා තිබෙන්නේ රටේ ප‍්‍රශ්න විසඳීමට.ඒ ආණ්ඩුවේ අපි ඇමැති මණ්ඩලයේ සිටියට ඇමැති මණ්ඩලය තීන්දු ගත්තේ නෑ. අගමැති ප‍්‍රධානත්වයෙන් තිබුන ආර්ථික කමිටුව තමයි තීන්දු ගත්තේ. ඒවාට විරුද්දව මම තුන්සිය හැටපස් දවසෙම ඒ ආණ්ඩුව සමඟ ගැටුණා.

සජිත් කියනවා රුපියල් 5000ක් නොවෙයි 30,000ක් දෙනවා කියලා. ඒ ආණ්ඩුව ආපු දවසේ සිට ඒ ආණ්ඩුවේ මැති ඇමැතිවරු එක්ව සමෘද්ධිය දෙන්න ලැයිස්තුවක් හැදුවා. නමුත් අවුරුදු පහක් යනතෙක් ඒලැයිස්තුවේ සමෘද්ධිය දුන්නේ එක්ලක්ෂ හතලිස් දහසකට පමණයි.

හිටපු රාජ්්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා.

කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් ඇතිකරවීමට යම් කොටස් උත්සාහ කරමින් සිටිනවා.ඔහු එල්ටීටීඊ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට අපට උදව් කළා.ඔහු එල්ටීටීඊයෙන් කැඞීවිත් අපේ හමුදාවන්ට උදව්කළා.ඔහු එල්ටීටීඊ සංවිධානයේ සිටියදී ඔහු අතින් බොහෝ වැරදි සිදුවෙලා ඇති. සිවිල් හෝ ජාත්‍යන්තර යුද්ධයකදී වේවා දෙපාර්ශවයන් අතර ඇතිවන ගැටුම්වලදී යම් පාර්ශ‍්‍රවයන්ගේ බෙදීම් හා බිදීම් ඇතිවෙලා අනෙක් පාර්ශ‍්‍රවයන් සමඟ එකතුවෙනවා. එල්ටීටීඊ සතුරු පාර්ශ‍්‍රවයෙන් බෙදී යම් කොටස් අපේ පාර්ශ‍්‍රවයට එකතුවීම අපට ප‍්‍රයෝජනවත් කාරණයක් වුණා යුද්ධය අවසන් කිරීමට.

ඒ නිසා ඔවුන්ගේ පෙර අතීතය හඹාගෙන ගොස් ඔවුන්ට විරුද්ධව ක‍්‍රියාත්මක වීමට යුද්ධ නීතිය අනුවවත් ඉඩක් නැහැ . ඒනිසා යුද නීති සම්ප‍්‍රදායන් අනුව බැලූවත් ලංකාවේ සංයුක්ත වශයෙන් අපට එල්ටීටීඊය පරාජය කිරීමට ලැබුණු අවස්ථාවට එය යම්දුරකට අපට ඉවහල්වීමත් යන කරුණු ඉදිරියේ කරුණා අම්මාන් එල්ටීටීඊයට සම්බන්ධව සිටියදී ඔහු අතින් සිදුවී ඇති අපරාධ ගැන ඒ ඇසින් බැලියයුතුුයැයි මා විශ්වාස කරනවා.

හිටපුුුුුුුුුුුුු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයේදී ගොන්කතා දෙකක් කිව්වම මම අභියෝගයක් කළා පුලූවන්නම් ගොන්කතා දහයකට වඩා නොකිය ඉන්න කියලා. අවසානයේදී ගොන්කතා 19ක් කියලා පරාජයේ රසත් විඳලයි පස්ස බැලූවේ. අපි හිතුවා ඔහු ඒ අත්දැකීම් සමඟ පරිනතවෙලා ඇති කියලා. නෑ දැන් ගොන් කතාවල දෙවනවටය ආරම්භ කරලා. සජිත්ට මම යළිත් අභියෝගයක් කරනවා පුලූවන්නම් මේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙන්න පෙර ගොන්කතා පහකට වඩා නොකියා ඉන්න කියලා.

මංගල සමරවීර මහතා ඉවත්වූවාට පසු පුංචි මංගල වීමට වෙර දරන හරින් ආගමික නායකයින්ට අපහාස කිරීමට පටන්ගෙන තිබෙනවා. ඔහු අති උතුම් කාදිනල්තුමන්ට බරපතල අපහාසයක් කර තිබෙනවා. හරින් මේ අපහාස කර තිබෙන්නේ සමස්ත කතෝලික ප‍්‍රජාවටයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.

(Lanka Leads)