හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර හෙළා දකින අතර අගරදගුරු හිමියන්ගෙන් සමඟි ජන බලවේගය ලෙස වැඳ සමාව ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
හරීන් ප්‍රනාන්දු ජාතික ලැයිස්තුවේ සිටියද තමන් ප්‍රමුඛ සෙස්සන් ඡන්දය ඉල්ලිය යුතු අතර විශේෂයෙන් තමන් කතෝලික ප්‍රජාව සමඟ ඡන්දය කළ යුතුව ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ.
කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හමුවේ ඒ ආසන්නයේ පවතින මුස්ලිම් ගම්මානයට කිතුණුවන් ගලක් හෝ නොගැසුවේ අගරදගුරු හිමිපාණන් වැනි උත්තමයෙක් නිසා යැයි ද ඔහු ප්‍රකාශ කරන ලදී.
(LNW)