Sunday, August 03, 2025
Follow Us
මෛතී‍්‍රගේ තවත් හමුවකට මැකොගෙන් තහනමක්

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පොලොන්නරුව අරලිය හෝටලයේ පැවති පොලොන්නරුව දිස්ත‍්‍රික් විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ හමුවද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තේපැන් සංග‍්‍රහය පවා අත්හිටුවීමට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (20දා) සවස පොලොන්නරුවේදී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා පෙරේදා පොලොන්නරුවේදී සංවිධානය කළ රජයේ විශ‍්‍රාමිකයින්ගේ සුහද හමුවටද මෙසේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ බාධා එල්ල විය.

මේ වන විට මෛති‍්‍රපාල සිරිසේන මහතා සංවිධානය කළ වැඩසටහන් දෙකක්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ් බාධා කිරීම් නිසා අඩාල වී ගියේය. තමන්ට එල්ල කෙරෙන බලපෑම් ගැන කනගාටු වන බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

(Lanka Leads)