Sunday, August 03, 2025
Follow Us
එජාපයේ නියෝජ්‍ය නායක ධුරයට රවී, දයා සීතල යුද්ධයක

සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සදහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති දයා ගමගේ මහතා අතර ද්වන්ධ සටනක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා දයාගමගේ මහතාට මෙම තනතුර ලබාදීමේ වැඩි කැමැත්තකින් පසුවන අතර රවී කරුණානායක මහතා ද මෙම තනතුර ලබාගැනීම සදහා කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

දයා ගමගේ මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින අතර එය සිදුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත වන අතර මේ වන විට ඔහු හෝමාගම ආසන සංවිධායක ධුරයට ද පත්කර අවසන්ය.

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ රවී කරුණානායක මහදාම මෙම සටන අතහැර නොමැති බවයි.

(LAnka Leads)