Saturday, August 02, 2025
Follow Us
පැය 05 කට පසුව රිෂාඩ් බදුර්දීන් CID යෙන් පිටව යයි

පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පෙර සිදුකළ දැනුම් දීමකට අනුව හිටපු ඇමතිවරයා අද පෙරවරු 11.30 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

2017 වසරේදී ලංකා සතොස ආයතනය සඳහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ඇමතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

(Neth)