Saturday, August 02, 2025
Follow Us
ආධාරකරුවකුට ලෙඩේ හැදුණොත් අපේක්ෂකයාත් සති 3 ක් නිරෝධායනයට

කෝවිඩ්-19 වෛරස් රෝග වසංගතය රට පුරා පැතිර ගොස් තිබෙන අවස්ථාවක නිරෝධායන පනතට අදාළ නීති කඩකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී වෛරසය ආසාදිත වුවහොත් අපේක්ෂකයන්ට ඔවුන්ගේ ආධාරකරුවන්ට අනිවාර්යයෙන්ම සති තුනක් නිරෝධායනයට ලක්වීමට සිදුවන බවට මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා අනතුරු අඟවයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති රැස්වීමකදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සියලු අපේක්ෂකයන්ට මැතිවරණ නීතිය හා නිරෝධායන නීතිය පොදු බවද සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා ද පක්ෂ බලලත් නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.

(Lanka LEads)