බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් ඇලෝශියස් මහතාගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයේ ද සිටින බව එම පක්ෂයේ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
"බැඳුම්කර වංචාවෙ - මං අද වුණත් ඉන්නෙ - දඬුවම් දුන්නෙ කොම්පැණිකාරයෝ ටිකට. මහහොරුන්ට දුන්නෙ නෑ. මේක රනිල් වික්‍රමසිංහගෙ ඉඳලා කෝප් කමිටුවේ ෆුට් නෝට් කල්ලියේ ඉඳලා සල්ලි ගත්ත පිරිසක් ඉන්නවා.
අපෙ පැත්තෙත් ඉන්නවා. අපෙ පැත්තෙත් ඉන්නවා අර්ජුන් ඇලෝශියස්ගෙන් සල්ලි ගත්තු අය. මම කෝප් කමිටුවෙ හිටියා. ඇලෝශියස් දුරකථනෙන් කතා කරනවා, කතා කර කර කෝප් කමිටුවේ උත්තර දුන්න කට්ටිය ඉන්නවා, පොත් ලියපු කට්ටිය ඉන්නවා. මේ ඔක්කොම ඇලෝශියස්ගෙන් සල්ලි අරගෙන තමන්ගෙ පොලිස්කාරයො යවලා සල්ලි මාරු කරපුවා ඔක්කොම තියෙනවා.
මේ සියලු පරීක්ෂණ හිටපු පොලිස්පතිවරයා වහලා තිබුණෙ. මේ සියලු පරීක්ෂණ අපි නැවත ආරම්භ කරනවා. කෝප් කමිටුවෙ 6 දෙනෙක් හිටියා, 4 දෙනෙක් සල්ලි ගත්තා. තව දෙන්නෙක් ඉන්නවා ඇලෝශියස්ගෙ අරක්කු ඒජන්සි ගත්ත අය. බැඳුම්කරේට දඬුවම් දුන්නෙ නැත්නම් අපට රෙදි ගළවාගෙන පාරෙ යන්න වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
තම පාර්ශ්වයේ සිටින බැඳුම්කර වංචාවේ මුදල් ලබාගත් අය පිළිබඳ රාජපක්ෂවරුන් ද දන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.
(LNW)