දෙමළ ජාතික සන්ධානය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිය මැතිවරණ ව්‍යාපාරයට යොදවා ගැනීමට තීරණය කිරීම ඉතා භයානක මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් යැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ වන්නි දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා 17 දා වවුනියාවේදී පැවසීය.
මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශයක් කරමින් ශිවශක්ති ආනන්දන් මහතා කියා සිටියේ මීට පෙර පැවති මහ මැතිවරණ සමයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී සම්බන්ධන් මහතා ඔවුන් එලවා දැමූ බවයි.
මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය පරාජයට පත්වන බවක් පෙනෙන්නට ඇති නිසා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ කොන්දේසි කීපයක් පිළිගෙන ඔවුන් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට හවුල් කරගැනීමට කටයුතු කිරීම නිසා දෙමළ ජනතාවගෙන් නිදහස් හා බලපෑමකින් තොර ඡන්දයක් බලාපොරොත්තු නොවිය හැකි බවද ශිවශක්ති ආනන්දන් මහතා කියා සිටියි.
Divaina