මහින්ද රාජපක්ෂ මහතා යනු භාරකාර ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයකු නිසා ඔහුගේ කාර්යභාරය සීමිත එකක් බවත් එහෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහබැංකු නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදීම නිවැරදි ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
"ගරු අග්‍රාමාත්‍යතුමා දැන් ඉන්නෙ භාරකාර රජයක අග්‍රාමාත්‍යවරයා හැටියට. එතකොට භාරකාර රජයක සිටින අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ කාර්යභාරය සීමිතයි. ඒනිසා ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී මේ මහබැංකු නිලධාරීන් කැඳවලා ඒ අවශ්‍ය මඟපෙන්වීම දීම හරි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව පැවසුවේ මහබැංකු සිද්ධියට අදාළව විෂයභාර අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටියදී සෑම දෙයකටම ජනාධිපතිවරයා මැදිහත්වීම අවශ්‍යදැයි මාධ්‍යවේදියෙකු ඊයේ (17) නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
(LNW)