Thursday, January 15, 2026
Follow Us
බාර් පර්මිට් 100යි, වැලි පර්මිට් 75යි, කුඩු ගේන 2යි, මාල කඩන 1යි. තව තුනෙන් දෙකත් ඉල්ලනවා - රංජන්

පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත් නියෝජිතයින් අතර මත්පැන් අලෙවිසල් බලපත්‍ර හිමියන් 100ක්, මත්කුඩු මෙරටට ගෙන්වන්නන් දෙදෙනෙක්, කෝච්චිවල මාල කැඩූ පුද්ගලයෙක් යනාදී වශයෙන් සිටින බවට සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක රංජන් රාමනායක මහතා පවසයි.

"මෙතන ඉන්නවා බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එක්කෙනෙක් ඉන්නවා. කෝච්චිවල මාල කඩාගත්ත එකෙකුත් ඉන්නවා. මේ වගේ කට්ටිය තමයි පාර්ලිමේන්තුවට පත්කරගෙන ආපු අයගේ රඟ.

තවත් තුනෙන් දෙකකුත් ඉල්ලනවා. මුංට බලයක් නැතුව මෙහෙම කරනවා නම් තුනෙන් දෙක දුන්නොත් කොහොමට හිටීද ?" යනුවෙනුයි ඒ මහතා ප්‍රශ්න කළේ.

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති සමගි ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

(LNW)