මුල්‍ය ආයතන කඩා වැටීම ඇතුළු ආර්ථික පිරිහීමට හේතුව සමස්ත රජයේම අර්බුදයක් බවත්, එය මහ බැංකු නිළධාරීන්ගේ කරපිට පටවා අත පිසදා ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් මහ බැංකු බළධාරීන් බරපතල ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමරවීර මහතා මේ බව කියා සිටී.
ආර්ථිකය අවුල් සගත වීම සම්බන්ධයෙන් කොවිඩ් 19 වසංගතයට හෝ මහ බැංකුවට බැනවැදීමෙන් කිසිදු ඵලක් නොමැති බවත් මෙම අර්බුදය, පසුගිය මාස 07 ක කාලය තුළ රජය විසින් අනුගමනය කළ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිවල සහ රාජ්‍ය මුල්‍ය විනයක් නොමැතිකමේ ප්‍රතිඵලයක් බවත් හිටපු මුදල් ඇමතිවරයා අවධාරණය කරනවා.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පසුගිය දෙසැම්බර් 19 වැනිදා සිදුකළ, සැළසුම් නොකළ බදු කප්පාදුව මෙම අර්බුදයට ප්‍රධාන හේතුව බව ද මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා.
https://twitter.com/MangalaLK/status/1272905122490843139
(LNW)