Saturday, August 02, 2025
Follow Us
‘මනෝ සජිත්ගෙන් ගැලවෙයි’: හේ්තුව මෙන්න

තමන් සමගි ජනබලවේගය හා සජීත් ප්‍රේමදාස මහතා ඇතහැර වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය ප්‍රචාරයන් සියල්ල බොරු බවත්, බංකොළොත් දේශපාලන පාර්ශ්වයන් විසින් මෙවැනි ප්‍රචාර ගෙන යමින් සිටින බවත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.

මනෝ ගනේෂන් මහතා සජීත් ප්‍රේමදාස මහතා අතහැර වෙනම ගමනක් යන බවටත්, සමගි ජනබලවේගයේ බෙදිමක් ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා පිළිබදව ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීය .

සජීත් ප්‍රේමදාස මහතා අතහැර මනෝ ගනේෂන් වෙනම ගමනක් යාමට උත්සාහ දරන බවත් ඒ හේතුවෙන් සමගි ජන බලවේගයේ දෙදරා යාමක් තිබෙන බවටත් සදහන් මඩ ප්‍රචාරයක් මේ දිනවල මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. එය පට්ටපල් බොරුවක්. සමගි ජන බලවේගය ගොඩ නැගීම සදහා ඉදිරි පෙළ සිට මම කටයුතු කළා . වෙනදාටත් වඩා
මා දැන් සජීත් ප්‍රේමදාස මහතා හා සමීපව කටයුතු කරනවා. අගෝසතු 05 වනදා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය අපට මේනවිටත් පේන්නට තිබෙනවා. සමගි ජන බලවේගයේ නායකයා නව පරපුර පිළිබදව සිතිය හැකි නායකයෙක්.
විශේෂයෙන් සමගි ජන බලවේගයේ තීන්දු තීරණ ගන්නේ නායකත්වය මණ්ඩලය හා සාකච්ඡා කිරීමෙන් පසුවයි. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදි වතාවරණයක් මීට පෙර එක්සත් ජාතික පෙරමුණ තුළ තිබුණේ නැහැ. එදාට වඩා සතුටින් අද අපි නව සන්ධානය තුළ වැඩ කරනවා. ඒ නිසා අපි ගැන බොරු ප්‍රචාර ගෙන යන පාර්ශ්වයේ බංකොළොත්භාවය පිළිබදව පුදුම වෙන්නේ නැහැ. තමන්ගේ බංකොළොත්භාවය වසා ගැනීමට ඔවුන් මේ වගේ බොරු ප්‍රචාර සිදු කරමින් සිටිනවා.

වත්මන් ආණ්ඩුවට පසුගිය නොවැම්බර මාසයේ තිබුණු ජනප්‍රසාදය සීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙනවා. අප ගැන ජනතාව තුළ පිළිගැනිමක්ඇතිව තිබෙනවා. අප අතර හොරු බොරුකරයෝ නීති කඩන අය නැහැ. පසුගිය කාලෙයේ චෝදනා එල්ල වු පිරිස් ආණ්ඩුවෙත්එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා . විරුද්ධ පාර්ශ්වයට සාපෙක්ෂව අපට පිරිසිදු දේශපාලන පක්ෂයක් සන්ධානයක් කණ්ඩායමක් සමගි ජනබලවේගයේ නායක අනාගත මෙරට අගමැති සජීත් ප්‍රේමදාස මහතා හා අත්වැල් බැදගෙන සිටිනවා. සමගි ජන බලවේගය සැබෑ ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ ගමන ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබද කිසිදු තර්කයක් නැහැ.

(Lanka Leads)