ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ කණ්ඩායමට මනාප නොදෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රසිද්ධියේ පවසනවා. ඊයේ බිංගිරිය ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණු රැස්වීමක් අමතමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
රටට සිදුකළ විනාශය හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි පුද්ගලයන් නැවත පාර්ලිමේන්තු යැවීම පාපයක් බවත්, පොළොන්නරුවේ ජනතාව මෙවර එම පාපයට හවුල් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රණතුංග මහතා පවසනවා. වෙනම පක්ෂයක් හදාගෙන ශ්‍රීලනිපයෙන් ගියහොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා යැයි කියූ හිටපු ජනාධිපතිවරයාට වෙනම හැදූ පක්ෂයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වීමට සිදු වී ඇති බවත් අද ඔහු පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලමින් පොළොන්නරුවේ පාරක් පාරක් ගානේ ඇවිදීමට සිදුව ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.
තනතුරු, වරප්‍රසාද හමුවේ පාට මාරු කරන, මුදලට විකිණෙන පුද්ගලයන්ට මනාප නොදෙන ලෙසත් 2015 පරාජයෙන් පසු අද දක්වා මහින්ද රාජපක්ෂ මහතා තනි නොකරමින් ඔහුව ආරක්ෂා කළ පුද්ගලයන්ට පමණක් මනාප ලබා දී ඔවුන් පාර්ලිමේන්තුවට එවන්නැයි ප්‍රසන්න රණතුංග මහතා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.
(LNW)