සමාජයේ සිදුවන සිදුවීම් නිකරුණේ දේශපාලනීකරණය කරමින් දේශපාලන වාසි ලබාගැනීමට විපක්ෂය එදා සිටම උත්සාහ කරන බවත් මීට හොඳම උදාහරණය වන්නේ තාජුඩීන්ගේ සිදුවීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
"අපි දැක්කා ඔය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පහුගිය විපක්ෂ කාලෙ, මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලෙත් කළේ මොකද්ද, මෙවැනි සිදුවීම් අරගෙන දේශපාලනීකරණය කළා. අර තාජුඩීන්ගේ සිදුවීම හොඳම උදාහරණයක්. පොලිසියේ නිලධාරීන් නිකරුණේ ලොකප් කරලා, හිරේ දාලා තිබ්බා මාස ගාණක්.
ඒ අය සමාජයේ වෙන සිදුවීම් නිකරුණේ දේශපාලනීකරණය කරලා දේශපාලන වාසි ලබාගන්න උත්සාහ කරනවා. මේ සිදුවීමටත් අපි ඔවුන්ට කරුණාකරලා ඉල්ලන්නෙ මේකෙ ඡන්ද වාසි ලබාගන්න උත්සාහ කරන්න එපා.
මේකෙ පොලිසිය පැහැදිලිව පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයෙ ප්‍රතිඵල අනුව නීතිය ක්‍රියාත්මක කරනවා. එතන යම්කිසි සිදුවීමක් වෙලා තියෙනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න දෙපාරක් අපි කල්පනා කරන්නෙ නෑ. අද වෙලා තියෙන්නෙ මොකද්ද, මේකෙ මේ හැම දෙයක්ම තමන්ගෙ දේශපාලන වාසි ලබාගන්න හදනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNw)