Saturday, August 02, 2025
Follow Us
ප්‍රේමදාසත් ජනාධිපති උනේ එජාපයෙ හිටපු නිසා පක්ෂෙ කඩලා නායකයො හදන්න බෑ – රනිල්ගෙන් සජිත්ට ටොක්කක්

ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුරට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි නිසා බවත් එජාපයට නායකයන් බිහි විය යුත්තේ එජාපය තුළින්ම මිස වෙනත් පක්ෂවලින් නොවන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ (15) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එජාප තරුණ හමුවක් අමතමිනි.

එජාපය ගොඩනැගිය යුත්තේ සන්ධාන මිස තවත් පක්ෂ නොවන බව ද එජාප නායකයා අවධාරණය කරනවා. පක්ෂය කඩාගෙන ගොස් වෙනත් පක්ෂ නිර්මාණය කරන පුද්ගලයන්ට එජාප නායකත්වයට පැමිණිය නොහැකි බවත්, ඉදිරියේදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය, බුදුදහමට ප්‍රමුඛතාවය හිමිවන වැඩපිළිවෙලක් ඔස්සේ පක්ෂය තුළින්ම සිහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ගේ නායකත්වයෙන් එජාපය ජයග්‍රහණය කරා ගෙනයන බව ද වික්‍රමසිංහ මහතා පවසනවා.

පක්ෂය කඩාගෙන ගිය සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම ආරක්ෂා කළේ මන්දැයි සභාවෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප නායකයා සඳහන් කළේ ආනගත පක්ෂ නායකත්වය වෙනුවෙන් තරුණ පිරිසක් නිර්මාණය කිරීමට තමන් කටයුතු කළ බවයි. සියලු දෙනාම එකතුව ගමනක් යෑමට තමන් උත්සාහ කළ බවද ඔහු අවධාරණය කළේය.

(Lanka LEads)