හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වු ත්‍යාග ප්‍රධාන උත්සවයක් නවතා දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන තිඛේ.
පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එහිදී 2019 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාල වරම් ලබා ගත් සිසුන්ට ඇගයිමට සැලසුම් කර තිබුණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දෙන නියෝග පිළිගනිමින් තමන් මෙම උත්සවයෙන් පිටව යන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරගවදියි.
(Lanka Leads)