Thursday, January 15, 2026
Follow Us
හිස්බුල්ලා මන්නාරම් මුහුදු තීරයේ කි.මී. 6 ක් සහිත අක්කර 625ක් අත්පත්කරගෙන – වහාම පරීක්ෂණ ඕනෑ – රාජ්‍ය නිලධාරීන්

පසුගිය පාස්කු ප්‍රහාරයට පසුව හිටපු අමාත්‍ය හිස්බුල්ලා විසින් නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 1200ක් අත්පත් කරගෙන සිටින බවට චෝදනා එල්ල විය.

ඒ් සඳහා නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කිරීම සඳහා සවුදිඅරාබියේ අන්තවාදී සංවිධානයකින් ලබා දුන් මුදල් පුද්ගලිකව යොදා ගත් බවටද තව දුරටත් චෝදනා එල්ල විය.

දැන් ඔහු විසින් බටහිර මුහුදු තීරයේ මන්නාරමේ ඕලු තුඩුවාය සිට පේසාලේ ප්‍රදේශය දක්වා කි.මී. 6ක මුහුදු තීරයක් සහිත අක්කර 625ක් අත්පත්කරගෙන ඇති බවට මන්නාරමේ රාජ්‍ය නිලධාරීහු සාක්ෂි ඉදිරිපත් කරති. මේ පිළිබඳව වහාම පරීක්ෂණ සිදු කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති.

(Lanka Leads)