Saturday, August 02, 2025
Follow Us
මීගමුව බන්ධනාගාරයේ සිරමැදිරි තුළ තිබූ සුඛෝපභෝගී භාණ්ඩ (ඡායාරූප සහිතයි)

මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනෙකු සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) විමර්ශන ආරම්භ කළේය.

එම පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

මත්කුඩු කිලෝ 30ක් සමග අත්අඩංගුවට පත් ඔස්ටින් නමැති සැකකරුවකු ශීතකරණයක් භාවිත කරන බවත් මත්කුඩු කිලෝග්‍රැම් 100ක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දීය ජාතිකයෙකු සතුව තිබූ මයික්‍රොවේව් උඳුනක් ද තිබූ බවත් පසුගියදා හෙළි වී තිබුණි.