පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පාලනය කිරීමේදී පොලිසියේ ක‍්‍රියාකලාපය වත්මන් රජයේ ප‍්‍රතිපත්තියට අනුව අනුමත නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ ඊයේ (12 වැනිදා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
‘‘ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල ඉදිරියේ මේ විරෝධය පාන්න ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතුව තිබුණා. උසාවි නියෝගයක් නිසා තමයි පොලිසිය හා විරෝධතාකරුවන් සමග ගැටුමක් ඇතිවුණේ. එම විරෝධයට පොලිසිය කඩා පැනලා උසාවි නියෝග අනුව කටයුතු කරලා අනවශ්‍ය ගැටුමක් ඇති වුණා. පොලිසියේ හැසිරීමේ ක‍්‍රියාකලාපය අනුමත කළ නොහැකියි. මෙය රජයේ ප‍්‍රතිපත්තියට අනුව අනුමත කළ නොහැකි ක‍්‍රියාවක්. විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡුා කරලා තීරණ අරගෙන උසාවි ගියා නම් කමක් නැහැ. මේ නිසා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති එහෙන් පිටින්ම කෙළෙසන බව කිව යුතු වනවා. එසේම මේ සිද්ධිය රජයේ ප‍්‍රතිපත්තියට සිදු වූ බලවත් හානියක් ලෙස දකිනවා.‘‘
(Lanka Leads)