Friday, August 01, 2025
Follow Us
ඡන්දයට කලින් දිස්ති‍්‍රක්ක 13ක ඡන්ද විමසීම් 13 ක්

එළඹෙන මහ මැතිවරණයට අදාළව පෙරහුරු ඡන්ද විමසීම් 13 ක් අද සහ හෙට පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ඡන්ද දායකයින් ඊට හුරුකිරීමේ අරමුණින් මෙම පෙරහුරු ඡන්දවිමසීම් පැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක සඳහන් කළේ.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කලූතර ඇතුළු දිස්ති‍්‍රක් 13 ක් ආවරණය වන පරිදි මෙම පෙරහුරු ඡන්දවීම් පැවැත්වෙන බවද ඔහු නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

පෙරහුරු ඡන්ද පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස සඳහන් කළා.

එළඹෙන මහ මැතිවරණය ලබන අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. තැපැල් ඡන්ද විමසීම පිළිබඳ සාකච්ජා පැවැත්වුවද, ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

(Neth)