Thursday, January 15, 2026
Follow Us
එජාපයෙන් මංගලට යළි අරාධනාවක්

මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.

මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවත් පක්ෂයේ දියුණුව වෙනුවෙන් යලිත් අත්වැල් බැඳ ගන්නා ලෙස එතුමාට ආරාධනා කරන සිටින බවත් දිසානායක මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(12) පැවැති පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

වංචාවෙන් දූෂණයෙන් තොර රට වෙනුවෙන් වැඩක් කළ හැකි පුද්ගලයන් සදහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය විවෘතව ඇති බවද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

— ලංකාදීප —