Thursday, January 15, 2026
Follow Us
එජාපයේ බෞද්ධ පදනමට හානි කළේ මුස්ලිම් කොංග‍්‍රසය – දයා ගමගේ කියයි

එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනමට හානි කරනු ලැබුවේ මුස්ලිම් කොංග‍්‍රසය විසින් බව හිටපු ඇමැති දයා ගමගේ මහතා ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මගින් සිදු කෙරෙන අනිසි කි‍්‍රයාවන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡුන්ද පදනමට බලපෑම් එල්ල වී ඇති බවද හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා අවධාරණය කර තිබේ.

ඔහු මේ කරුණු අනාවරණය කර ඇත්තේ එක්තරා පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනක් හා එක්වෙමිනි.

දයා ගමගේ මහතා මෙවර එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන අතර මුස්ලිම් කොංග‍්‍රසය එජාපය හැර දමා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා එක්ව සන්ධානගත වී ඇත.

(Lanka Leads)