Thursday, January 15, 2026
Follow Us
හෙට සහ අනිද්දා පෙරහුරු ඡන්ද මධ්‍යස්ථාන 15ක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පෙරහුරු ඡන්ද මධ්‍යස්ථාන 15ක් හෙට (13වැනිදාා) සහ අනිද්දා (14වැනිදා) පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

තෝරා ගත් දිස්ත්‍රික්කවල මෙම පෙරහුරු ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

දිස්ත්‍රික්ක දෙකකට හෝ තුනකට පෙරහුරු මධ්‍යස්ථානය බැගින් පැවැත්වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වත්තක් ආශ්‍රිත ප්‍රදේශයක පෙරහුරු මැතිවරණ මධ්‍යස්ථානය පවත්වන බවත්, බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රදේශයේ පෙරහුරු ඡන්ද මධ්‍යස්ථානය පැවැත්වෙන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

(Lanka LEads)