මෙවර මහ මැතිවරණයේදී තමාට ඡුන්දය නොදෙන ලෙස ඉල්ලූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් හෝ ලබා දිය යුතු බවට යෝජනා වී ඇතැයි එජාපයේ ඉහළ පෙළේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට කීය.
සමගි ජන බලවේගයේ පවතින පරස්පර මතවාද හේතුවෙන් මංගල සමරවීර මහතා මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන්නට ඇති බවටත්, එබැවින් ඔහු නැවතත් එක්සත් ජාතික පක්‍ෂය සමග සම්බන්ධ කර ගත යුතු බවටත් මේ වන විට යෝජනා රැුසක් ලැබී ඇතැයි ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
මංගල සමරවීර මහතාගේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය තවමත් අහෝසි කර නොමැති අතර හෙතෙම එජාපය සමග සෘජුවම සම්බන්ධ නොවුණහොත් ඉදිරියේදී ඔහු ගන්නා දේශපාලන කි‍්‍රයාකාරකම් සඳහා එජාපයේ සහයෝගය ලබා දිය යුතු බවට ද මේ වන විට අදහස් ලැබී තිබෙන බවද ඉහත ප‍්‍රකාශකයා කීය.
(Lanka Head)