Friday, August 01, 2025
Follow Us
පොලිසියේ හමුදාවේ තැපැල් ඡන්ද දින ගණන දීර්ඝ කරන්න

විශාල පිරිසක් සේවයේ නියුතු පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතනවල සේවකයන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දින ගණන දීර්ඝ කිරීම හෝ කල් ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස සෙෳඛ්‍ය අමාත්‍යාංශය සිය නිර්දේශ මගින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනට පෙර දිනදී බොහෝ දෙනෙකු සිය ගම්බිම් බලා පිටත්ව යන බැවින්, එහිදී රෝගය සම්ප්‍රේෂණය වීමේ අවදානම් තත්ත්වයක් ඇති නිසා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දින ගණන වැඩි කිරීම හෝ කල් ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම වැදගත් බව එම නිර්දේශවල දැක්වේ.
රජයේ සේවකයන් වැඩි සංඛ්‍යාවක් සිටින කාර්යාලවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතුවලදී සහතික කිරීමේ නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් යෙදවීම කෙරෙහිද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

(Aruna)