මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මැතිවරණ නිරීක්ෂකයින් පිළිබඳව පවතින කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෝවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලූ අපේක්ෂකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ගරු කරමින් සිය ප‍්‍රචාරණ කටයුතු වෙනස් මුහුණුවරකින් සිදු කළ යුතු බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ.
2020 මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) නිකුත් කෙරුණා. පිටු 477 කින් යුත් එම ගැසට් නිවේදනයේ මෙවර මහමැතිවරණයට එක් - එක් දිස්ති‍්‍රක්කවලින් තරග වදින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ඡන්ද ලකුණු, අපේක්ෂකයින්ගේ නම් සහ මනාප අංක මෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ද ඇතුළත්.
මේ අතර, මහමැතිවරණය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය අද දිනය තුළ නිකුත් කිරීමට නියමිත බවයි නිල නොවන වාර්තා අනාවරණ කළේ.
(NEth)