Thursday, January 15, 2026
Follow Us
සමගි ජන බලවේගය පිළිබඳ පෙත්සමක් ප්‍රතික්ෂේප කෙරේ

හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ, එම පෙත්සම බුවනෙක අලූ‍විහාරේ, එල්.ටි.බී. දෙහිදෙණිය සහ පී‍්‍රති පද්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් විසින් එම පෙත්සම ගොනු කර තිබුණා.

(Neth)