Wednesday, April 01, 2026
Follow Us
International Affairs

"29 වන OTDYKH - International Russian Travel Market" ප්‍රදර්ශනය මේ දිනවල රුසියාවේ මොස්කව් අගනුවර දී පැවැත්වේ.

International Affairs

චීන තානාපති කාර්යාලයේ නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, අමාත්‍ය උපදේශක Yanwei Zhu මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක්, චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණ.

මෙහි දී, දෙරට අතර පවතින නොබිඳෙන සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීම, බෞද්ධ රාජ්‍යයන් දෙකක් ලෙස ආගමික සංහිඳියාවන් වර්ධනය කර ගැනීම, දෙරටේ තරුණ තරුණියන්ගේ ආකල්ප හා සුහදතාවය වර්ධනය කිරීම පිණිස ක්‍රීඩා ඇතුළු තරුණ වැඩමුළු සංවිධාන කිරීම, කෘෂි තාක්ෂණය නව්‍යකරණය කිරීම ආදිය පිළිබඳ ඉතා සුහදව සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහා චීන රජයේ පූර්ණ සහාය ලබාදීමට Yanwei Zhu මහතා එකඟ වී තිබේ.
හංෂෝ හි පැවැත්වීමට නියමිත "ආසියානු ක්‍රීඩා උළෙල" පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කර ඇති අතර චීන ඔලිම්පික් කමිටුව මුණගැසීමට අමාත්‍යවරයා කැමැත්ත ප්‍රකාශ කර ඇත.
මේ වසරේ ඔක්තෝබර් මස 04 - 06 දින දක්වා "ටිබෙට්"හි පැවැත්වීමට නියමිත වැඩමුළුවකට අමාත්‍යවරයා වෙත ද ආරාධනා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව Yanwei Zhu මහතා සඳහන් කර තිබේ.

International Affairs

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ඊයේ (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

International Affairs
  • ආරක්ෂක, ආර්ථික සහ පාරිසරික වශයෙන් නව වැඩසටහන් රැසක් – සාගල රත්නායක මහතා පවසයි.

කොවිඩ්-19 වසංගතයෙන් පසු ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපය තුළ ඉහළට රැගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

International Affairs

“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” යන තේමාව යටතේ සැප්තැම්බර් 14 සිට 16 දක්වා කියුබාවේ හවානා නුවරදී පැවැත්වීමට නියමිත "G77 සහ චීනය" රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

International Affairs

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය විසින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පුස්තකාලය වෙත රුසියානු ග්‍රන්ථ එකතුවක් පරිත්‍යාග කරන ලදි. ඇය විසින් මෙරටදී පරිහරණය කරන ලද කෘති ගණනාවක්ද මෙම එකතුවට ඇතුළත් විය.

International Affairs

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතයි.

International Affairs

පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල තරුණ ප්‍රතිපත්ති ආමන්ත්‍රණය කරමින් සෑම වසර හතරකට වරක් පවත්වනු ලබන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුවේ, 10 වැනි සමුළුව (The 10 th commonwealth youth ministers meeting 10CYMM) සැප්තැම්බර් 11 සිට 15 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර Marlborough House හි දී පැවැත්වේ.

International Affairs

ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ, මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල කටයුතු ඇගයීම පසුගියදා සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

International Affairs

මෙරටට අලුතින් පත් වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර හමුවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදුවිය.

International Affairs

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉතාලියේ නව තානාපති H.E Damiano Francovigh සමඟ ඵලදායී හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

International Affairs

මෙරට ධීවර ක්ෂේත්‍රයේ සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීන කර්මාන්තකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී හමුවිය.

International Affairs

ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය වෙළඳ හා කර්මාන්ත ව්‍යවසායකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයෝ සහතික වෙති.

International Affairs

මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 1000කට අධික පිරිසක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.

International Affairs

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත්වූ ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ. 

International Affairs

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව මොරොක්කෝවට රිච්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

දේශීය මුල පිරීම් සඳහා කැනේඩියානු අරමුදලේ අනුග්‍රහයෙන් ජාතීන් අතර මිත්‍රත්වය පදනම විසින් ක්‍රියාත්මක කරන ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (04) උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකණ්ඩිය ග්‍රාම සේවා කොට්ඨාසයේ දී ආරම්භ කෙරිණි.