Friday, May 03, 2024
Follow Us
මළ සිරුරකින් කොවිඩ්-19 ශරීර ගතවී අධිකරණ වෛද්‍යවරයෙක් මිය යයි

මළ සිරුරකින් කොවිඩ් -19 වෛරසය පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම හා ඉන් මරණයක් සිදුවීමේ පළමු පුවත තායිලන්තයෙන් වාර්තා වේ.

මෙලෙස වෛරසය සම්ප්‍රේෂණය වී මරණයට පත්ව ඇත්තේ අධිකරණ වෛද්‍ය ඒකකයක වෛද්‍යවරයෙකි.

බැංකොක්හි අධිකරණ වෛද්‍ය හා නීති වෛද්‍ය අධ්‍යයනය පිළිබඳ සඟරාව පසුගිය සඳුදා මෙම මරණය පිළිබඳ අනාවරණය කළේය.

ඒ අනුව මෘත ශරීරාගාර තාක්ෂණ ශිල්පීන් සහ අනෙක් සේවකයන් මෙන්ම කොවිඩ් – 19 යැයි සැක සහිත මෘත ශරීර සමග ගැවසෙන සියලුම පුද්ගලයන්ද විශේෂිත ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළ යුතු බව එම සඟරාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මළ සිරුරක් තුළ වෛරසය කෙතරම් කාලයක් සජීවීව පවතී දැයි යන්න මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර නොමැත.


(Aruna)