Monday, September 16, 2024
Follow Us
බානගල උපතිස්ස නාහිමිගෙන් ඉන්දීය අගමැතිට ආරාධනාවක්

ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන් පසුගිය 30වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. ඒ අග්‍රාමාත්‍ය නිල නිවසවන නව දිල්ලියේ පිහිටි ලෝක් කල්යාන් මන්දිරයේ දී ය.

ඉන්දීය අගමැතිවරයාගේ දීර්ඝ කාලීන සමීපතම හිතවතෙකුවන උන්වහන්සේ පසුගියදා ගුජරාට්හි අහමදබාද්හි පැවැති ධම්ම ධර්ම අටවැනි ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමෙන් පසු නේපාලයේ ලුම්බිණි විශ්ව විද්‍යාලයේ සහ ලුම්බිණි ශුද්ධ භූමියේ සංචාරයකින් පසු නව දිල්ලියට පැමිණ මෙලෙස අගමැතිවරයා හමුව තිබුණි.

ශ්‍රීමත් ජවහල්ලාල් නේරු අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි ආරම්භ කළ සාංචි මහාබෝධි මහෝත්සවයට සහභාගීවන ලෙස බානගල නාහිමියන් අගමැතිවරයාට එහිදී ආරාධනා කර තිබේ.

ලබන නොවැම්බර් මාසයේ දී එය පැවැත්වීමට නියමිත අතර මෙවර එය පැවැත්වෙන්නේ 72වැනි වරටය. බානගල නා හිමියන් පිළිබඳව මුම්බායේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශකිල් අහමඩ් සිද්දිකි රචනා කළ ‘අංජලිකරණියෝ‘ ග්‍රන්ථයේ පිටපතක් ද මෙහිදී ඉන්දීය අගමැතිවරයාට කතුවරයා විසින් පිළිගන්වනු ලැබීය.

Dinamina