Sunday, September 08, 2024
Follow Us
මාලි මෙහෙයුම අවසන් කළ යුද්ධ හමුදා භට පිරිස් යළි දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අවසන් කිරීමත් සමඟ සාම සාධක රාජකාරි සඳහා මාලි රාජ්‍යයට යොදවා සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් පසුගියදා යළි මෙරටට  පැමිණ ඇත.

එලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 1099ක් සහ මාණ්ඩලික නිලධාරීන් 14ක ප්‍රමාණයක්  මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා යොදවා තිබුණි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක වූ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම්  මූලස්ථානයේ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට උපයාදුන් විදෙස් විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 14524කට අධිකය.

ඒ අනුව,  මාලි රාජ්‍යයේ මෙහෙයුම් අවසන් කිරීම සනිටුහන් කරමින් සාම සාධක බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ කර්නල් පින්සර වික්‍රමාඅරච්චි විසින් ස්වේච්චා  බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් දිනේශ් නානායක්කාර වෙත එක්සත් ජාතීන්ගේ ධජය භාරදීම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී සිදු කෙරිණි.