Tuesday, January 13, 2026
Follow Us
රුසියාවෙන් තිරිඟු ඇට හා තිරිඟු පිටි ආනයනය කිරීමට සාකච්ඡාවක්

රුසියාවෙන් මෙරටට තිරිඟු ඇට සහ තිරිඟු පිටි ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වී තිබේ.

ඒ, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා හා රුසියාවේ‍ වෙළෙඳ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ඊවානව්‍ මිකේහෙල් (Ivanov Mikhail) මහතා මොස්කව්‍ නුවරදී පසුගියදා හමුවූ අවස්ථාවේදී ය.

එහිදී රුසියාවෙන් තිරිඟු ඇට හා තිරිඟු පිටි ආනයනය කිරීම මෙන්ම, දැනට රටට අවශ්‍ය පොහොර ආනයනය කිරීම සහ රාජ්‍ය වාණිජ විවිධ නිතීගත සංස්ථාව (STC) හරහා රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම හමුවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්‍ ඩි. ජීවනාදන් මහතා හා රුසියානු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

LNW