Tuesday, January 13, 2026
Follow Us
බංග්ලාදේශයෙන්, ශ්‍රී ලංකාවට ණය ගැන සිහිකැඳවීමක්

ශ්‍රී ලංකාවට ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල නියමිත කාලයේදී යළි ගෙවනු ඇති බවට බංග්ලාදේශය අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම මාධ්‍ය වාර්තා කළේ අදාළ ණය මුදල ලබන වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතු බවයි. අමෙරිකාවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමුවූ බවත්, එහිදී ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ධනාත්මක අදහස් දෙපාර්ශවය අතර හුවමාරු වූ බවත්, බංග්ලාදේශයේ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංග්ලාදේශය අදාළ ණය මුදල ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුධය හමුවේ ඔවුන්ගේ ඉල්ලීම මත ණය මුදල් ආපසු ගෙවීමේ කාලසීමාව අවස්ථා දෙකකදීම දීර්ඝ කළ බවයි බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා පවසා ඇත්තේ.

neth