Tuesday, January 13, 2026
Follow Us
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශුරතාවය ඉන්දියාව දිනා ගනියි

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත්වූවා. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 08 කින් පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය නියමිත පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 65ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 66ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු ඕවර 8.3කදි කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 71ක් රැස් කර ගනිමින් ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ ශුරතාවය දිනා ගනු ලැබුවා.

Neth