Tuesday, January 13, 2026
Follow Us
ජපානයේ මුදල් ඒකකයත් වසර 32 කට පසු කඩා වැටෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ජපාන යෙන් මුදල් ඒකකය වාර්තාගත ලෙස පහළ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 23 කට පසු මේ වන විට වාර්තා වන්නේ ජපාන යෙන් මුදල් ඒකකයේ අඩුම අගය බවයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ජපාන යෙන් අගය 147.66 ක් දක්වා පහත වැටී තිබෙනවා. ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසිකි පවසා ඇත්තේ සිය මුදල් ඒකක අස්ථාවරත්වයට පත්වීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගන්නා බවයි. ජපාන යෙන් මුදල් ඒකකයේ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ඉකුත් මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 20 ක මුදලක් ජපානය විසින් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍යන්හි සඳහන්.

ඉකුත් සමයේ බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක නිළ මුදල් ඒකකය කඩා වැටුණා.

Neth