Saturday, April 20, 2024
Follow Us
ඉන්දියාවේ සීනි අපනයනය ඉහළට

ලොව 2 වන විශාලතම සීනි අපනයනකරු


ඉන්දියාවේ නිෂ්පාදිත සීනි සඳහා මේ වනවිට ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව 2021 -2022 වර්ෂ තුළදී ඉන්දියාවේ සීනි අපනයනය සියයට 57 කින් ඉහළ ගොස් ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.

ඉකුත් සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ 2021 – 2022 වෙළෙඳ වර්ෂය තුළ ඉන්දියාව ලෝක වෙළෙඳපොළ වෙත අපනයනය කර ඇති සීනි ප්‍රමාණය ටොන් ලක්ෂ 109.8 ක් බවද වාර්තා වෙයි.

ඒ අනුව ඉන්දියාව මේ වනවිට ලොව 2 වන විශාලතම සීනි අපනයනකරු ලෙස සැලකෙන බවද ඉන්දියාව පවසයි.

එලෙස වර්ධනයවෙමින් පවතින ඉන්දීය සීනි අපනයන වෙළෙඳපොළ හරහා ඉන්දියාව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ඇතැයි ද ඉන්දීය රජයේ වාර්තා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

Aruna